අපේ ක්රීඩකයින් 11 දෙනයි
අපේ රටේ 20,869,000යි
අපේ පැතුම එකම දෙයයි...
1996 පස්සේ අපි ක්රිකට් ක්රීඩාවෙන් උඩ ආවා යට ආවා,ගිනි පෙත්තට අපු ක්රිකට් කොහොමින් හරි අම්බානෙට සමහරුන්ට ක්රිකට් එපා කියන තරමට මිනිස්සු ඈත් වුණා, එකමත් එක කාලෙක අපි සියදිවි නසාගැනීමෙන් උඩට ආවා.ඒවා ඔක්කොම ඇත ඇර අපි ලෝක ක්රිකට් කිරුල අරන් ලොවට මේ පුංචි රටේ දස්කම් පෙන්නුවා.ඔන්න ඊයේ පෙරේදා ඉදන් ඔන්න ආයිත් 1996 වගේ හදවතේ සුන්දර ප්රර්තනාවන් පෙරදැරි කරගෙන අපේ රටේ මිනිසුන් බලාගෙන ඉන්නවා යලි මේ පුංචි රට ලෝක කුසලානේ දිනාගන්නවා බලන්න.ලංකාව දැන් ඉන්නේ ලෝක කුසලානෙට අතේ දුරින් කියන්නත් පුළුවන්.අද හොද හෙට ඉරිදා එළිවෙන්න ඔන්න මෙන්න කියා නිමේෂයකදී නොව වරු 2 කකට කලින් (සඳුදට කලින්) දිනාවි දැයේ රත්තරන් පුතුන් ලෝක ක්රිකට් කිරුළ.50 උනත් 20 උනත් අපිට එක වටිනවා.සමහරු මේකට එකක වාදීන්ගේ අර්ථ කථන දෙන්නත් පුළුවන්, ඔය එක එක දේශපාලන සිද්ධාන්ත ගෙනැල්ලා.ඔය කොයි වාද ගෙනාවත් මොන විදියට විග්රහ කරත් මේ රටේ 20,869,000 ජනතාවගේ පැතුම එකයි.
මනෝගේ ක්රිකට් ලෝකය
මනෝජ් රත්නායක
06/10/2012