Saturday, May 16, 2020

Lesson For - Home Broadcasting & Video Production

මුලින් පහත වීඩියෝඑක බලන්න ලෝකයම තැතිගැනිලා ඉන්න වෙලාවේ මිනිස්සු වෙනුවෙන් යුතුකම ඉටුකරන මාධ්‍යවේදීන්ට ඇතැම් විට නිවසේ ඉදන් වැඩ කරන් සිදුවුනොත්.බලන්න CNN නිව්ස් එක.
මේ වගේ දෙයක් ලංකාවේ කරන්න ගියානම් දාහක් ප්‍රශ්ණ ‌හොද දුරකථනයක් නැහැ ඒකට මයික් එකක් නැහැ එහෙම එකක් පාවිච්චිකරන් දන්නේ නැහැ ඒක ලස්සන ප්‍රේම් ඒකකට තියන්න දන්නේ නැහැ බැක් ග්‍රවන්ඩ් එක හදාගන්න දන්නේ නැහැ.ලයිටින් නැහැ එහෙම දේවලා පාවිච්චිකරලා නැහැ.ගෙදර ප්‍රින්ටර් එකක් නැහැ.WeTransfer HDV කොලටියට විශුවල් යවන්න දන්නෙත් නැහැ.දාහක් ප්‍රශ්ණ හැබැයි ඉතා සරල දෙයක්
ලංකාව ගොඩක් පහල ඉන්නේ ඒකයි තාක්ශණික දැනුම. උපකරණ මිලදීගෙන අත්හදාබලන්න උත්සහ කරන්නෙත් නැහැ දෙයියෝ දෙනකම් බලන් ඉන්නවා.ලංකාව HDV විදියට නාලිකාවක් බලන්න තව දශකයක් වත් යාවි මේ විදියට.
අනාගතේ ප්‍රයෝජනය තකා අපි ගෙදර ඉදන් තනිවම ස්ටුඩියෝවක් වගේ බැක් එකක සිට අප් ඩේට් එකක් දෙන්න හැකි ලෙස ළමයින් පුහුණු කළ යුතු නැද්ද? ප්‍රථමාදාර පෙට්ටියක් වගේ මාධ්‍යවේදියෙක්ට පොඩි ගැජට් පෙට්ටියක් තියෙන්න ඔ්න කියලා මටනම් හිතෙනවා.
පොදුවේ නව මාධ්‍යවේදීන් ලෙස මේ පැත්තට එන්න හිතන් ඉන්න අයට අධ්‍යාපනික වැදත් වෙයි කියලා හිතුනා නිසා ලිව්වා

Friday, May 15, 2020

අලුත්ම ක්‍රිකට් පොත

පොත්පත් කියන්නෙ මැජික් එකක්,මොකද?ඔබ පුටුවෙි සිටිද්දිම එයට පුලුවන් ඔබව ගවි ගානක් ඈතට රැගෙන යන්න. Manjula Landekumburaගේ "අටිටාලය" කියන්නෙ,අන්න ඒවගේ ගවි ගානක් අෑත දුර ක්‍රීකටි ක්‍රීඩාංගනවල පැවති ස්වර්ණමය අයස්කාන්ත තරඟ,ඔලිමිපික් උත්සවලවලට,නොදත් ක්‍රීඩා තරැ,ආදි වටිනා මතකයන් අතරට කැන්දාගෙන යන අපුරැ පොතක්.අද පවා පත්තරය අතට ගත්ත ගමන් ඉස්සෙල්ලාම බලන්නෙ අවසානක්‍රීඩා පිටුව.ක්‍රීකටි,ෆෝර්මියුලා ධාවන තරඟ,රග්බි,පාපන්දු,ටෙනිස් වගේ ක්‍රීඩාවලට පුදුමාකාර විදියට ආසා කලා.ප්‍රදීප්ගේ "අටිටාලය"කියන්නෙ නිකං මටම ලියපු පොතක් වගේ. හැමදාමත් කියවන වටිටෝරැගත නවකතා,විවිධ ශානරිය පොත් අතරේ ක්‍රීඩා ශානරයේ පොතක් කියවන්න ලැබීමත් අපුරැ රසයක් සහ වෙනසක් එක් කලා.ලෝක ක්‍රීඩා ඉතිහාසයට එක් වුණු ක්‍රීඩා චරිත,ක්‍රීඩා තරඟවල ස්වර්ණමය අවස්ථා ලන්දේකුඹුරට ම ආවෙිණික වුණු රචනා ශෛලිය ඔස්සේ එක හුස්මට කියවන්න හැකි පරිද්දෙන් ලියැවී තිබුණු නිසාවෙන් අටිටාලය කියන්නෙ නැවත නැවත කියවන්නට උත්තේජනය ලබා දෙන අපුරැ පොතක්.පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට දාලා තියෙන Title එකට පුදුමාකාර ආකර්ෂණීය බවක් තියෙන්නෙ.පිටු 137 ක් වෙචිච,පරිච්ඡේදය 35 කින් හැඩ වුණු "අටිටාලය"ඉවරවෙයි කියලා බයට එක දවසට එක පරිචිජේදය බැගින් කියවන්න අන්තිමට පෙළඹෙවිවා.මංජුල ලන්දේකුඹුරගේ "අටිටාලය" කියන්නෙ ක්‍රීඩාවට ලැදි,වෙනස් රසයක්, ක්‍රීඩා ශානරිය රසයක් සොයන්නන්න⁣ට කියාපු පොතක් වගේම ඔබෙි පොත් රාක්කයේ තිබිය යුතුම පොතක් විදියටයි "අටිටාලය" දකින්නෙ. -මලින්ත ඉමල්ක- අටිටාලය -: මංජුල ලන්දේකුඹුර ප්‍රකාශනය -: ස්වර්ණ ග්‍රන්ථ මිල -: රැ.350/=