Tuesday, July 4, 2017

28 බලන්නගියා

28 බලන්නගියා 7.30 රීගල් එකේ පළමු දවසේ රීගල් එකේ මෙෂින්  එක කැඩිලා කියල අද ෆිල්ම් එක පෙන්නනේ නෑ  කිව්වා.10ක් විතරද  කොහෙද හිටියෙත් බලන්න ඇවිල්ල.අපරදි අපේ වෙලාව.7.30 වෙනකම් හිටය ඕක කියන්න උන්.
ඊලග දවසේ දවල් ගියා 28 බැලුව වැඩිය කට්ටිය හිට්යේ නෑ 20ක් වත් නෑ වගේ වැඩිය හරියක් කපල්.ඔහේ බලන් හටියා අනේ මන්ද ?  එක්කෝ අපිට සිනමාවේ ගැබුරු භාෂාව  තේරෙන්නේ නෑ එක්කෝ අපේ ඇස දෙකෙයි කන් දෙකෙයි අවුලක්ද කොහේද ? හැබයි නියම සිනමා පින්තුර ටිකක්නම් තිබුන.රංගනයත් හොදයි.
අපේ සිනමාව...
මට හිතුන හැටි

Monday, April 17, 2017

ඇමතිලා කුම්භාණ්ඩයන්ට වෙන්කළ වාහන ප්‍රතිපාදන

 ඇමතිලා කුම්භාණ්ඩයන්ට වෙන්කළ වාහන ප්‍රතිපාදන නොගෙන ඒ මුදල් වෙන්කරන්නකෝ  විපතට පත් මිනිස්සුන්ට.ලක්ෂේද වටින්නේ මිනිහෙක්ව?
එහෙම කරන්නේ නෑ ගල් ආදෝ. ඔන්න මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න යන එකලා.තව ගහපන් පොස්ටේර් තව දාපන්  චන්දෙ .දැන් කියනවා එයාල මේකට සම්බන්ද නෑලු  සම්බන්ද නෑ  කියලා  ඒ අස්සේ. එක එක හිමිවරුත් ලකුණු දාගන්න යනවා තවත් උන් ඉන්නවා. .මේ ටිකේ හොදට නිරීක්ෂණ කරන්න පුළුවන් වාහන බලපත්‍ර එපා කියලා  මිනිස්සුන්ට ඒ මුදල් දෙන්න කියන්නේ කුව්ද කියලා. අමුතු රටක් මේක.. මිනිස්සු සැලසුම් කර
 මට හිතුන හැටි 

Friday, February 3, 2017

තරුණයන් 60ක් ඝාතනය කල යුගයේ පින්තුරයක්

තරුණයන් 60ක් ඝාතනය කල යුගයේ පින්තුරයක් 
පැහැරගෙන ආ තම පුතු බැලීමට පොලිස් ස්ථානයට පැමිණි මවක් 
පහර ගෙන ගිය එකෙකුවත් නැවත අවේ නැත ඔව්න්ට කදවුරුවල වැඩ දී ටයර් වල අවසන් හුස්ම හෙළිය 
මේ පින්තුරය එකල ලන්ඩනයේ ගාර්ඩියන් පුවත් පතේ පලවිය 
මෙවන් අම්මල කිදෙනෙකුගේ කදුළු වට්ටන්න ඇතිද රට කාපු දේශපාලකයන් මැදිහත්ව.

Saturday, November 14, 2015

මැණික් ජයසේකර (අමතක වෙලා යන ලස්සන ගීත )

 






ඕනෑම ගීත ඛණ්ඩයක කෙනෙකුගේ ජිවිතේ කොතැනක හෝ මතකයක් ගැබ්ව ඇති බව රවේන්ද්‍රනාත් තාගෝර් පඩිතුමා වරක් පවසා තිබෙනවා.එක එහෙම වෙන්න ඇති මට හොදට මතකයි කුඩා කල උදේ පාන්දර ගුවන් විදුලියෙන් ඇසු සමහර ගීත අද ඇසෙන විත මගේ ඒ කුඩා අවදිය මතක් වෙනවා.ඒ අහපු එක සින්දුවක් මම වසර ගානක් හෙව්වා.අහම්බෙන් මේ ලදී ඒ ගායිකාව කව්ද කියල දැනගත්තේ.නමින් ඇය ,මැණික් ජයසේකර.ගොඩක් දෙනා අහල ඇති අමරසිරි පිරිස් මහතා ගයන ....
"ස්නෙහයේ නගරයයි සිත මගේ 
මාවතක් හෝ නොවූ රාගයේ..
වන්දනාවේ ගිහින් ඉන්න අසයි මටත්....."
ඇය තමයි මැණික් ජයසේකර. කුඩා කල අහපු එක ගීතයක් තමයි එකල ගුවන් විදුලියෙන් ඇසුණු මණික විසින් කියන "බිගු රෑන වගේ මල් යායට.."කියන ගීතය.බලන්න මේ පද මාලාව.ඉතාම සරලයි.කලාතුරකින් ඇසෙන මිහිරි ගීතයක්
"බිගු රෑන වගේ මල් යායට..
පහන වගේ හැන්දෑවට..
නුඹ නැතිදා මගේ හිත පාළුයි..

යන්න එපා මම හරි යාළුයි...
තවත් ගීතයක් එකල ඇහුනා ඒ තමයි..
"උදා ගිරෙන් හිරු දෙවි ගමට් අවදිනවා
හිබුටු කැලෙන් රැහැයි නලා හඩ පැතිරෙනවා
ගුරු පාරේ සෝඩි ටිකිරි දෙපා ඇදෙනවා
පා රිදුනට පමා නොවී අකුරට යනවා.."

මේ ගීත කුඩා කල සැතපුම් ගණන් පයින් පාසල් ගිය කාලය අමතක් වෙනවා.මුසාවක් නෙමෙයි පුංචි පැදුරේ නිදාගෙන උදෙන්ම නැගිටින කොට එදා ඇසුණු මේ ගීත අවසනාවක අද ඇහෙන්නේ නැ.අද මේ ගීත ඇසෙන කොට ඒ කුඩා කලේ මතක් වෙනවා.මන් හිතන්නේ ඒකතමයි ගීතයේ සාර්ථකත්වය.මේ විශිෂ්ට ගීත අවාසනාවකට අද ඇහෙන්නේ නැ.මැණික් තවත් අපුරු ගීතයක් ගයනාව ඒ Dr.W.A. අබේසින්හ රචනා කරපු සරුංගලේ මා නමැති ගීතය.සංගීතය ප්‍රේමසිරි කේමදසයන්ගෙන්.
"සරුංගලේ මා...
පියබා යනවා
දෙරණ මතින් දෙරණ මතින්...
මායිම් නැති නිල ආකාසේ
මායිම් ඇති නියර මතින්
කුමාර කුමරියන් අතින් මි"
අන්තර්ජාලය පුරාවට මැණික් ජයසේකර නම් අපුරු ශිල්පිනියගේ ගේ පින්තුරයක් සොයාගැනීමට සැරි සැරුවත් සාර්ථක වුනේ නැ .අහම්බෙන් රුපවාහිනියේ එකල විකාශය වූ මනෝහාරී සංගීත වැඩසටහනේ ගීතයක් හමු වුණා.ඔව් ඒ ගායිකාව බලාගත්තේ ඒ ගීතයෙන්.අද දවසේ ගොන් පාර්ට් දාන හිතවත් නිවේදක උත්තමන්ලා මේ ගීත ගැන නොදන්නවා ඇති.වටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව.
මැණික් ජයසේකර සැබවින්ම ඔබ විශිෂ්ට ගායිකාවක්.
මැණික් ජයසේකර ගැන හා ඇගේ ගීත ගැන මට හිතුන හැටි.
මනෝජ් රත්නායක 


Saturday, October 6, 2012

T 20 ලෝක කුසලාන පැතුම

අපේ ක්‍රීඩකයින් 11 දෙනයි 
අපේ රටේ 20,869,000යි 
අපේ පැතුම එකම දෙයයි... 
 
         1996 පස්සේ අපි ක්‍රිකට් ක්‍රීඩාවෙන් උඩ  ආවා යට ආවා,ගිනි පෙත්තට අපු ක්‍රිකට්  කොහොමින් හරි අම්බානෙට සමහරුන්ට ක්‍රිකට් එපා කියන තරමට මිනිස්සු ඈත්  වුණා, එකමත් එක කාලෙක අපි සියදිවි නසාගැනීමෙන් උඩට ආවා.ඒවා ඔක්කොම ඇත ඇර අපි ලෝක ක්‍රිකට් කිරුල  අරන් ලොවට මේ පුංචි රටේ දස්කම් පෙන්නුවා.ඔන්න ඊයේ පෙරේදා ඉදන්  ඔන්න ආයිත් 1996 වගේ හදවතේ සුන්දර ප්‍රර්තනාවන් පෙරදැරි කරගෙන  අපේ රටේ මිනිසුන් බලාගෙන ඉන්නවා යලි මේ පුංචි රට ලෝක කුසලානේ දිනාගන්නවා බලන්න.ලංකාව දැන් ඉන්නේ ලෝක කුසලානෙට අතේ දුරින් කියන්නත් පුළුවන්.අද හොද හෙට ඉරිදා එළිවෙන්න ඔන්න මෙන්න කියා නිමේෂයකදී නොව වරු 2 කකට  කලින් (සඳුදට කලින්) දිනාවි  දැයේ රත්තරන් පුතුන්  ලෝක ක්‍රිකට් කිරුළ.50 උනත් 20 උනත් අපිට එක වටිනවා.සමහරු මේකට එකක වාදීන්ගේ අර්ථ කථන දෙන්නත් පුළුවන්, ඔය එක එක  දේශපාලන සිද්ධාන්ත ගෙනැල්ලා.ඔය කොයි වාද ගෙනාවත් මොන විදියට විග්‍රහ කරත් මේ රටේ  20,869,000 ජනතාවගේ පැතුම එකයි.
මනෝගේ ක්‍රිකට් ලෝකය 
මනෝජ් රත්නායක
 06/10/2012

         

Monday, April 30, 2012

මාධ්‍ය විසින් අපිව ගොනාට ඇන්දවීම (මනෝගේ ලෝකය)


මේ රටේ සිද්ද වෙන දේවල් ගැන තොරතුරු ඇහෙන කොට
අම්මෝ මෙහෙ ජිවත් වෙන්න හිතෙන්නෙත් නෑ
මට හිතෙන විදියටනම්
ලෝකේ අපරාධ විධ්‍යව ඉගෙනගන්න තියෙන හොදම රට ලංකාව
සමහරු කියයි මුට පිස්සු කියලා
පොඩි අයත් නෙමයි
දැවැන්ත ජනමාධ්‍ය වෙදියෝ
මොකද හිනා වෙන්න බලගේන ඉන්නේ
කට පියාගෙන ඉන්න එක ඇගට ගුණයි .
නිහඩතාවත් එක්තර ජයග්‍රහණයක් කියලා දන්නේ කින් කීදෙනාද ?
මේ ලගදි එක මහා ජනමාධ්‍ය වේදියෙකුට කිව්වා එක තොරතුරක්
මිනිහ මට හිනා වුනා
මාත් පරාදවෙලා වගේ කරබාගත්ත,
අපි නිකන් ඇහුවනම්, මෙයාගෙන් කොටි හඩ ගුවන් විදුලිය
කව්රු විසින් පටන්ගත්තු  එකක්ද කියලා ?
මු කියයි වෙන එකක් ......
ඒත් ඉතින් ඒක අපගේ විරෝදාර හමුදාවේ
විශේෂ ඒකකයක් යටතේ පටන්ගත්තු එකක් කියලා දන්නේ කියෙන්  කීදෙනාද?
මටත් ඔය කතාව කිව්වේ මගේ මියගිය මිත්‍රයෙක්
ඔහු අවසන් සටනේදී මියගියා
එදා යුද්දය ඉවරවෙන්න  විනාඩි ගානකට කලින්,
මාත් මළගෙදර ගියා
යනකොට මුළු රටම
නටනවා කිරිබත් කනවා
නගරය අලුත්ගම
මගේ පාසල් මිත්‍රයෙක්
පාරේ කොඩියක් තියාගෙන
දුම්වැටියක්   අතේ තියාගෙන
වැනි වැනි නටනවා
බෝතලයකුත් බිම
මේ ප්‍රධාන නගරයක
ගාලු පාරේ
මට වාහනෙන් බැහැල මුට 2ක් දෙන්න හිතුන
මරුන රණවිරුවත් මුගේ ඒක පන්තියේ
ඔන්න ඔහොම එදා රණ විරුවකුගේ මළගෙදර  පෙනි පෙනී
මුන් අතල් ගත්ත.
මාධ්‍යයි මේ කාරණයයි
2 ක වෙනසක් නෑ
එකම දේ තමයි
මිනුස්සුනට කියනේ එක දෙයක්
එකෙන්  බලාපොරොත්තු වෙන්නේ වෙන දයක්,
ඇත්ත මොකද්ද ?
ඇත්ත හොදට තේරෙන්නේ
වසර ගණනක් ගියාට පස්සේ
පරණ පත්තර බලනකොට තමයි,
මේ අපි අපිනි..

මනෝ 





Sunday, February 20, 2011

ස්වයන් වින්දන හොටෙල්



පුදුම දේශයක් තියෙන්නේ එක තැනක අහිංසක  හස්ති රාජයන්  බිල්ලට දෙන්න , මගුල් සක්වල රබන් ගහන්න, අහිංසක සත්තු  බිල්ලට දෙන
ඉසව්වක ඔන්න දැන් ඉස්පිරිතාල වසා,  සුපෝකබෝගී ස්වයන් වින්දන නිවාඩු නිකේතන  බිහිවෙන යුගයක ජිවත් වෙන්න සිදු වෙන එකත්
 පුදුම වෙන්න් දෙයක් නැථෙඉ.සුද්දත් ඕන සුද්දගේ අමුදෙත් ඕන ,එක නිසා රෝහල උනත් හොටෙල් එකත් කරන්න ඕනෑ.
රෙදි කඩාගෙන දුවිලි පිහදාගෙන ආයු  බෝවෙවා කියන්නට සැරසෙන දුවිලි මල් පිප්ප   වන්නට
ලග එන හරක් කොටුවට අමුඩ කරුවන් තෝරාගන්නට ඔන්න දැන් අයෙත් එනවා අපේ කකුල් දෙක මිරිවැඩ සගල් දෙකම දෙකට නැවි  ලෙවකන්න.
අපි පහුකල ඉතිහාස කතාවේ ගව්  ගණනාවක් ..එක අතට අද 
අද තියෙන්නේමොන යුගේද ....අනුරාධපුර..පොලොන්නරුව වත් නෙමෙඉ ...
මේක ජන්ජාල යුගයක්....ඉතින් ඉත්න් ඔයාලත් මට 
දෙනවෙඊ ....


විනෝද කතාවක් පමණි
Manoj Rathanayaka